විදුලොව නව තතු - ශරීර ප්‍රමාණයෙන් මැනිය නොහැකි මකුළුවන්ගේ දස්කම්




පක්ෂීන් ගත්කල පරිනාමික වශයෙන් ඉතාමත් දියුණු ජීවීන් කොටසක් සේම මකුළුවන් සමඟ සැසඳූ විට ඉතා විශාල ශරීර ප්‍රමාණයකට උරුමකම් කියයි. මෙම පක්ෂීන් මකුළුවන් විසින් සෑදූ දැල් වලට හසු වන බව කීවොත් ඔබ පුදුමයට පත්වන බව නිසැකය. මෙසේ මකුළු දැල් වලට පක්ෂීන් හසුවූ අවස්ථා පිළිබඳව නොයෙක් අවස්ථා වල වාර්තා වූවද ඒ පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදුකෙරී තිබුණේ නැත.

නමුත් Bruno A. Walther නම් විද්‍යාඥයා විසින් පර්යේෂණ පත්‍රිකා, අන්තර්ජාලය සහ ක්ෂේත්‍ර ජෛවවේදීන්ගෙන් තොරතුරු රැස් කරමින් මේ පිළිබඳව පුළුල් විවරණයක් සිදු කිරීමට සමත් වී තිබෙනවා.


මෙම විවරණයට අනුව මෑතකාලීන ඉතිහාසය තුළදී මෙවැනි අවස්ථා 56ක් වාර්තා වී ඇති අතර පක්ෂී විශේෂ 33කට අයත් පක්ෂීන් මෙසේ මකුළු දැල් වලට හසුවී තිබෙනවා. හසුවූ පක්ෂීන්ගේ මධ්‍යන්‍ය බර ග්‍රෑම් 17.5 පමණ ප්‍රමාණයේ වන අතර  ග්‍රෑම් 30ට වැඩි පක්ෂින් හසුවී ඇත්තේ ඉතාමත් කලාතුරකින්. Araneus, Nephila Argiope Latrodectes  සහ Neoscona යන ගණයන්ට අයත් මකුළුවන් විශේෂ 11කගේ දැල් වලට බහුලවම පක්ෂීන් හසුව ඇති අතර  Asian Brown Flycatcher, Pied Fantail, Common Tailor bird (වඩුකුරුල්ලා), Black-naped Monarch වැනි පක්ෂීන් මෙසේ හසුවූ පක්ෂින් අතර සිටින කීපදෙනෙකි. මේ පිළිබඳව තොරතුරු  Avian Research නම් ජර්නලයේ පළවී තිබිණි.

එම තොරතුරු පත්‍රිකාව මෙතැනින් 





පැරණි ලිපි



No comments:

Post a Comment