සුප්‍රකට ජීව විද්‍යාඥයෙකු වූ E.O. Wilson මහතා වරක් ප්‍රකාශ කොට
ඇති ආකාරයට කෘමීන් ඇතුළු ආර්ත්‍රපෝඩාවන් (හෙවත් සංධිපාදිකයන්) මෙලොවින් වඳවී
ගියහොත් මානව සංහතිය ඉන් පසු මාස කීපයක් තරම් කාලයක් වත් මිහිමත නොපවතිනු
ඇතැයි. මෙම කුඩා සතුන් පරිසරයට සහ මිනිසුන් ඇතුළු අනෙකුත් සතුන්ගේ පැවැත්මට කෙතරම්
වැදගත්දැයි මෙම කියමනෙන්ම මනාව පැහැදිලි වෙයි.
ශ්‍රී ලංකාව යනු ජෛවවිවිධත්වයෙන් අනූන නිවර්තන
කලාපීය රටකි. මෙරට සංධිපාදිකයන්ගේ විවිධත්වයද ඉතා ඉහළය. දූපත් රාජ්‍යයක් වීමත්
වෙනත් විවිධ පාරිසරික සාධකත් හේතුවෙන් මෙරටට
ආවේණික සංධිපාදිකයන් ප්‍රතිශතයද ඉතාමත්
ඉහළ අගයක් ගනී. මෙම සාධක සියල්ල සැලකූ විට මෙම සතුන්ගේ සංරක්ෂණය යනු ඉතාමත් වැදගත්
මෙන්ම අත්‍යවශ්‍ය කරුණක් බව මනාව පැහැදිලි
වේ. වර්තමානයේ සත්ව සංරක්ෂණය වඩාත් බහුලව කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වී තිබුණද
සංධිපාදිකයන් කෙරෙහි යොමු වී ඇත්තේ ඉතාමත් අඩු අවධානයකි. මෙරට හමුවන සංධිපාදිකයන් ආරක්ෂා කරගැනීම අරමුණු කරගත් වැඩසටහන් කීපයක
මූලාරම්භය සනිටුහන් කරමින් සංධිපාදිකයන්ගේ සංරක්ෂණය පිළිබඳ දේශනයක් පසුගිය 15 වන
දා පරිසරය සහ සංධිපාදිකයන් සුරැකීමේ සංගමය (Association for Conservation of
Environment and Arthropods - ACEA) මගින් සංවිධානය කරනු ලැබීය. මෙහිදී දේශකයා ලෙස ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ
සංගමයේ වත්මන් සභාපති, සේම ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු
වන ප්‍රවීන සත්වවේදී අමිල ප්‍රසන්න සුමනපාල මහතා සහභාගී විය. මෙහිදී ඔහු මෙරට
සිටින සංධිපාදිකයන්ගේ විවිධත්වය පිළිබඳ අවබෝධයක් ලබා දීම කෙරෙහි මුලික අවධානයක්
යොමු කල අතර සංධිපාදික සතුන්ගේ සංරක්ෂණ තත්වය පිළිබඳව සහ ඒ වෙනුවෙන් අපට දායක විය
හැක්කේ කෙසේද යන්නත් එතුමා පුළුල්
වශයෙන් විග්‍රහ කරන ලදී.
![]() |
| අමිල ප්‍රසන්න මහතා |
ඔබටත් පරිසරය සහ සංධිපාදිකයන්
සුරැකීමේ සංගමයේ (Association for Conservation of Environment and
Arthropods - ACEA) සාමාජිකත්වය
ලබාගෙන මෙම වැඩකටයුතු වලට දායක විය හැකි අතර, ඔබේ නම, ලිපිනය, වයස, දුරකථන අංකය,
විද්‍යුත් තැපැල් ලිපිනය සහ රැකියාව/ඉගෙනුම ලබන පාසල හෝ විශ්ව විද්‍යාලය ඇතුළු
තොරතුරු 0768790594 ට කෙටි පණිවිඩයක් මගින් එවීමෙන් හෝ Whatsapp පණිවිඩයක් එවීම මගින්
සාමාජිකත්වය ලබාගත හැක. එසේම acea.official2k18@gmail.com වෙත ඉහත විස්තර ඇතුලත්
විද්‍යුත් ලිපියක් එවීම මගින්ද ඔබට සංගමයට සම්බන්ධ විය හැක. වඩාත් වැදගත් ලෙස මෙම
සතුන්ගේ ඡායාරූප පළකිරීමෙන් ඔවුන්ගේ ව්‍යාප්තිය සහ විවිධත්වය පිළීබඳ දත්ත ගොනු වලට
දායක වීමටද ඔබට හැකියාව පවතී. ACEA - Arthropod Fauna ID help group ෆේස්බුක් ගෘපය
පරිසරය සහ
සංධිපාදිකයන් සුරැකීමේ සංගමය මඟින් පවත්වාගෙන යනු ලබන අතර එම ගෘපය සඳහා ඔබට ඔබට
හමුවන සංධිපාදික සතුන්ගේ ඡායාරූප එක්කල හැක. එසේම වෙනත් පරිසර සංගම් මගින් පවත්වාගෙන
යනු ලබන Dragonfly Interest Group
of Sri Lanka (බත්කූරන් සඳහා) සහ Butterfly
Interest Group of Sri Lanka (සමනලයන් සඳහා) ෆේස්බුක් ගෘපයන් සඳහාද ඔබේ ඡායාරූප
එක්කල හැක. තාරක විජේරත්න
පරිසරය සහ සංධිපාදිකයන් සුරැකීමේ සංගමය

Dhanula Jayasinghe
ReplyDeleteGreat work!!